ජයලත් මනෝරත්නයන්ගේ නවතම නාට්‍යය නිර්මාණය වන බූරුවා මහත්තයා නැරඹුවේ හද පිරි සතුටිනි. රූපවාහිනී නාලිකා තුලින් වැල නොකැඩී විකාශනය වන දීර්ඝ ටෙලි නාට්‍යය වලින් හෙම්බත්ව සිටින මා වැනි පුද්ගලයනට මෙවන් අවස්ථාවන් සැබවින්ම අගනේය. උර්දු ලේඛක ක්රිශන් චන්දාර්ගේ මිස්ටර් ඩොන්කීස් ඔටෝබයෝග්‍රැෆි (Mr. Donkey’s Autobiography, Krishan Chander) යන නවකතාවේ සිංහල පරිවර්ථනය වන ගුණතිලක මැටියගනේ මහතාගේ සද්ගුණවත් බූරුවා මහතාගේ [...]
හිතන්න, ඔබ ඉමහත් සේ ප්‍රිය කරන ගීතයක් නරඹමින් සිටිනවා. එක් වරම ඔබේ රූපවාහිනී තිරය මත දිස්වනනේ විශාල ඔර්ලොසුවක් (ඔර්ලෝසුවේ පසුබිම ඇත්තේ කුමක් හෝ භාණඩයක්), ඒ සමග නිකුත් වන ටීක්..ටීක්.. ටී……ක් යන ශබ්දය රස විඳිමින් සිටි ගීතයෙන් ඔබව ඉවතට රැගෙන යනවා. මෙය සෑම අඩ හෝරාවක් පාසාම බොහෝ රූපවාහිනී නාලිකා (මම දන්නා පරිදි සෑම එකක්ම පාහේ) හරහා [...]
රූපවාහින්යේ නාලිකා එකින් එක මාරු කෙරුවේ බලන්නට යමක් සොයා ගැනීමටය. ඒ අතර තුර හමු වූ එක් වැඩසටහනක තරුණ තරුණයින් පිරිසක් අසා පුරුදු, තරමක් පැරණි ගීයක් ගයමින් සිටියහ. එය රඟහලක පටිගත කරන ලද්දක් විය. තිරයේ කොනක “ගම්මානෙන් සිදාදියට” යනුවෙන් සටහන් වී තිබිණි. වැඩසටහන ඇදී ගියේ නාට්‍යයක් විලසිනි. තරුණයන් දෙදෙනෙකු මමා සහ බෑණා චරිත රඟ දැක්වීය. ඔවුන් [...]
කුඩා කල සිටම රුසියානු සාහිත්‍යය සහ මා අතර පැවතියේ දැඩි සබැඳියාවකි. සෝවියට් ළමා කෘති මා තුළ යම් චින්තන විප්ලවයක් ඇති කළාදෝ විටෙක මට සිතෙයි. විශේෂයෙන්ම නිකීතාගේ ළමා කාලය (මුල් රචනය: ඇලෙක්සෙයි තෝල්ස්තෝයි, පරිවර්තනය: දැදිගම වී. රුද්රිගූ) වැනි කෘති සිහියට නැගෙන විට පවා සිත තුළ පහන් හැඟුම් ඇති වේ. ඉන් පසු කලෙක කියවූ සෝවියට් රුසියන් කෙටි [...]
අද අප රටේ වේදිකා නාට්‍යය නරඹන්නේ ඉතාමත් සුළු පිරිසක්ය. දිගු කලක් පැවති යුදමය වාතාවරණය, රූපවාහිනිය සහ සිනමාව වැනි අනෙකුත් මාධ්‍යයන් ප්රමාණාත්වකව වර්ධනය වීම වැනි කරුණු මෙම තත්වය උද්ගත වීමට බලපාන ලදි. මෙවන් තත්වයක් මත සහ නොයෙකුත් දුෂ්කරතා මැද වේදිකා නාට්‍යකරණයේ යෙදෙන්නන් අගය කළ යුතුය. මෙම ලිපිය ලියන්නට සිත් වූයේ මීට වසර කිහිපයකට පෙර මා ලද [...]
Thank you for visiting Piyasatahan and hope you will enjoy the contents. If you cannot view this site properly, that mean you do not have Sinhala Unicode installed on your PC. Please click here to download Sinhala Unicode for your PC.
නවතම ප්‍රතිචාර